පොලොන්නරුව තෝපාවැව ජාතික පාසලේ සියවස් සැමරුම වෙනුවෙන් සංවිධානය කෙරුණු මහා සංඝරත්නය සියක් නමක් සඳහා දහවල් දානය

අද දවසේදි පොලොන්නරුව තෝපාවැව ජාතික පාසලේ සියවස් සැමරුම වෙනුවෙන් සංවිධානය කෙරුණු මහා සංඝරත්නය සියක් නමක් සඳහා දහවල් දානය පූජා කිරීමේ මහා පුන්‍ය කටයුත්තෙහි ප්‍රදේශයේ නායක ස්වාමීන් වහන්සේලා ඇතුලු ස්වාමීන් වහන්සේලා සිය නමක් සඳහා දානය පූජා කරන ආකාරයි මේ…

පොලොන්නරුවෙ පැරණිම ඉතිහාසයක් සහිත පාසල වෙමින් තම ප්‍රෞඪත්වය විදහාලන තෝපාවැව විදුමෑණියන්ගේ සියවස් සැමරුම සඳහා සංවිධානය කරන්නට යෙදුනු මෙම පිංකම් මාලාවම සාර්ථක අයුරින් සංවිධානය කරගැනීමට දායක වූ විද්‍යාලීය විදුහල්පතිතුමන් ඇතුළු ආචාර්ය මණ්ඩලයට , ආදිශිෂ්‍ය සංගමයේ මහත්ම මහත්මීන්ට , පාසල් සංවර්ධන සමිතියේ මහත්ම මහත්මීන්ට , ශිෂ්‍ය නායක මණ්ඩලය ඇතුළු විද්‍යාලීය දූ දරුවන්ට සහ දෙමාපියන් ට විද්‍යාලීය ප්‍රණාමය …..