උතුරු මැද පලාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව මගින් සංවිධානය කරන ලද 2025 උතුරු මැද පලාත් පාසල් ක්‍රීඩා තරගාවලියට සමගාමීව 16 පහල පාපන්දු තරගාවලියේ උතුරු මැද පලාතේ දක්ෂතම ක්‍රීඩකයා කුසලානය අප තෝපාවැව ජාතික පාසලේ ජනිරු ශශේන් සිසුවාට සහ 18 පහල පාපන්දු තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා කුසලානය දසින් කිත්මාල් සිසුවාට හිමි විය. තවද අප පාසල් පාපන්දු කණ්ඩායම පාපන්දු තරගාවලියේ පලමු ස්ථානය ද දිනා ගන්නා ලදී.
මෙම ජයග්‍රහණය ලබා ගනිමින් විද්‍යාලයට කීර්තියක් ලබා දීමට කැපවුණු විද්‍යාලීය විදුහල්පතිතුමන් ඇතුළු විද්‍යාලීය ආචාර්ය මණ්ඩලයට , ක්‍රීඩාභාර හා ක්‍රීඩා පුහුණු උපදේශක ආචාර්යවරුන් ට,පාසලේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් ට විද්‍යාලීය ප්‍රණාමය පුද කර සිටිමු.





